ඒ කථාව එතරම් සරල උවත්, වර්තමානයේ දිග හැරෙන කථාව එතරම් සරල නැත. මහින්ද රෙජිමයට එරෙහි පලමු වෙඩි මුරය මුදා හල හරීන් දැන් ඌවේ මහ ඇමතිය. හරි දේ කරමු කීව හරීන්, ඌවේ මහ ඇමතිකම ගන්නේ ජනතාවගේ ජන්ද බලයෙන් නොව, වෙනත් පක්ශයකින් බලයට පැමිනි ධනය හා බලය ඉදිරියේ දණ ගැසූ හොරුන් රැලකගේ උදව්වෙන් වීම අපට ඇති ප්‍රශ්ණය ය. ඔහුගේ මහ ඇමතිකම පස්ස දොරෙන් දාපු ඩීල් එකක් වීම සහ යහපාලනය, පොදු ජන මතය වෙනුවෙන් උස් හඩින් කථා කල හරීන් එසේ කිරීම අපට ප්‍රශ්ණයකි. අපට ඇත්තේ හරීන් මහ ඇමතිකම ලබා ගැනීමේ ක්‍රමවේදයහි නීතීමය තත්වය ගැන ගැටළුවක් නොව, මැතිවරණ වේදීකාවේ පතුරු ගැසූ සාධාරණත්වය ගැන හෘද සාක්ෂිය පිලිබද ගැටළුවක් බව වැඩිමනත් ලෙස සදහන් කල යුතුය.
හරීන්ගේ අවංකත්වය හා නායකත්වය ගැන අප හට ගැටළුවක් නැත. හරීන්ගේ වටිනාකම රුපියල් බිලියන ගණනින් ජනපති මැතිවරණ වේදීකාවේදී වෙන්දේසී වෙද්දී, මුදලට තම ආත්මය පවා නොදුන් හරීන් ගැන අපට ඇත්තේ ධණාත්මක පිලිගැනීමකී. නමුත් ඒ පිලිගැනීම, ඌවේ ජනතාවගෙ මහජන මතය අමු අමුවේ මහ දවල් මංකොල්ල කෑම ඉදිරියේ නිහඩව සීටීමට තරම් අපව දුබල කරන්නේ නැති බව කිව යුතුය.
හරීන්ගේ මහ ඇමතිකමේ සූජාතත්වය ප්‍රශ්ණ කරන අපිට, රනිල්ගේ අගමැතිකමේ පළුද්දක් නොපෙනෙන්නේ ඇයි දැයි කෙනෙකුට විමසිය හැක. එහෙත් රනිල් අගමැතිවන්නේ මුළු ලංකාව පුරා පැවති ජාතික මැතිවරණයකින් පොදු ජන එකසත් පෙරමුණ හා එහි අපේක්ශකයා ප්‍රතික්ෂේප වෙන සන්දර්භයක් තුලය.වෙනත් වචනවලින් කියතොත් රනිල් අගමැතිවන්නේ , පැවැත්වූ ජාතික මැතිවරණයේදී පූර්ව කොන්දේසියක් ලෙස එය ඉදිරිපත් කර, එම යෝජනාව සදහා සමස්ථ ශ්‍රී ලාංකීක ජනතාවගේ බහුතරයකගේ අකමැත්තක් නැති තත්වයක් තුලය. එය පාර්ලිමේන්තූවේදී කුමන හෝ ආකාරයෙන් නිරූපණය වීම ගැන අප ප්‍රශ්ණ නොකරන්නේ එහෙයිනි.
එහෙත් හරීන් මහ ඇමති වන්නේත්, ඌව පලාත තුල පොදුජන එක්සත් පාලනය පෙරලා දමන්නේත් එවන් මහජන වරමක් ඉදීරියේ නොවන බව කිව යුතුය.
පැවති ජාතික මැතිවරණයේදීද ,එනම් පසුගිය ජනපතිවරණයේදීසමස්ත ඌව පලාතේ කැමැත්ත තිබුනේ පොදු ජන එක්සත් පෙරමුණටමය. එය ඊට පෙර පැවති ඌව පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයේම ප්‍රතිබිම්භයක් බදුය.
2015 ජනපතිවරණය තුලදී පොදු පෙරමුණ බදුල්ල ද්‍රිස්ත්‍රික්කයෙන් ඡ්න්ද 249 243 ක් ගන්නා විට සිරිසේන මහතා ඡන්ද 249 524 ක් ලබා ගත්තේය.පැවති පලාත්පාලන මැතිවරනයේදී පොදු ජන එකසත් පෙරමුණ ඡන්ද 209,056 ක් ලබා ගන්නා විට එක්සත් ජාතික පක්ශය ඡන්ද 197,708 ක් හා ජනතා විමුක්ති පෙරමුන ඡන්ද 20,625 කි. ආසන බෙදී ගියේ පොදුජන එකසත් පෙරමුණට 9 හා එයට විරුද්ධව 9 ක් ලෙසිනි.
එසේම පැවති ජනපතිවරණයේදී මොනරාගල ද්‍රිස්ත්‍රික්කයෙන් පොදු පෙරමුණ 172,745 ලබා ගන්නා විට සිරිසේන මහතා 105,276 ලබා ගෙන ඇත. සංසන්ධනාත්මකව පැවති පලාත් පාලන මැතිවරණයේදී මෙය පොදු ජන එකසත් පෙරමුණ ඡන්ද 140,850 ක් හා එක්සත් ජාතික පක්ශය ඡන්ද 77,065 ක් හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 15,955 කි.
එසේ නම් ඌවේ ජනතාව තම පලාත් සභාව තුල බල වෙනසකට තම මනාපය ප්‍රකාශ කර නොමැති බව පැහැදිලිය. ඔවුන්ගේ හඩ එදත් අදත් නොවෙනස්ය. හරීන්ගේ මහ ඇමතිකම ජනතා තින්දුවේ මංකොල්ලයක් යැයි අප පවසන්නේ උක්ත කාරණා පෙරදැරි කරගෙනය.
මධ්‍යම , බස්නාහිර , උතුරුමැද සියල්ල වෙනස් වෙද්දී ලියුම්කරු හරීන් දෙසට ඇඟිල්ල දිගු කිරීම සාධාරණදැයි කෙනෙකුට විමසිය හැක. ඒ ඒ පලාත් වලද පලාත් සභා පෙරලීම පිලිබඳ ගැටළු ඇතත් ඒ සෑම පලාත් සභාවකම පොදු වශයෙන්, ජනපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ හා එහි අපේක්ශකයා පරාද විය. ජනතා තේරීම වූයේ මහින්ද විරෝදයයි.එහෙත් ඌවේදි එසේ වී නැත. එදත් අදත් එහි කැමැත්ත පොදු පෙරමුණමය.
මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වුයේ තනි පකශයකට හෝ පුද්ගලයෙකුට දැක් වූ කැමැත්තක් නොව බලයට, බාහු බලයට එරෙහි යුක්තිය වෙනුවෙන් සමස්ථ ජනතාවට නැගූ හඩකි. යුක්තිය , මහජන මතය වෙනුවෙන් නැගුනු හඩ නැවත බලය හා ශක්තිය ඉදිරියේ දණ ගැසීමට සිදු වීම, ඒ ජනතා මතයට දුන් අතුල් පහරක් බදුය.මහජන වරම ලබා දුන් දින 100 වැඩ පිලිවෙලට ඌව පලාත් සභාවේ බලය පෙරලීමෙන් ලබා දෙන සහය කුමක්දැයි අපට නම් තේරූම් ගත නොහැක. එසේම රනිල් වික්‍රමසිංහ වැනි පරිණත නායකයකු තුලින් කිසීසේත් බලාපොරොත්තු විය නොහැකි, මෙවන් මහජන මතයට පයින් ගැසීම සම්භන්ධව අපට ඒ මහතා සමඟ එකට සිට ගත නොහැක..
දේශපාලන මඩ ගෝහොරුවෙන් සුජාත පුත්‍රයන් බිහිවීමේ ෆැන්ටසි සිහිනයන් අප තුල නැත. එහෙත් යහපාලන, සාධාරණත්වය, ජනතා මතය සපථ කරමින් බලයට පැමිණි පිරිසකට එය අලුයම ලූ කෙලපිඩක් සේ අමතක කිරීමට තවම කල් මද බව අප මතක් කල යුතුය.