Nothing Special   »   [go: up one dir, main page]

සමාජ සම්බන්ධතා, Cats & Dogs...

අපෙ ගෙදර වාසය කළ පූස් මහිලාව... ටික කලකට කලින් පණ 9ම ගෙවා දාල ස්වර්ගස්ථ උනා. (ඒ ගැන post එහෙකත් ලීව නෙව) ඒ හන්ද ගෙදර කස්ටිය අලුත් බඩුවක් අරං ඇවිත්. දැන් උන්දත් වාසයට ඇවිත් මාස 5, 6කට වැඩි. හැබැයි කලින් හිටි එවුන් වගෙ නෙමේ මේ හාදය 😁. උර්තල් කියන එක ඌට වැඩිය තේරෙන්නෙ නැද්ද කොහෙද... කවුරුහරි ඇවිත් අතගානව කරනවට එච්චර කැමති නෑ. ඒ හන්ද පොර තනිව තමා කාලය ගෙවන්නෙ. බලු ජෝඩුව පේන මානයකට යන්නෙවත් නෑ.

 

ඒ අස්සෙ මේ ළඟදී කියෙව්ව කොළඹ ගමය මයාගෙ අසල්වැසි පූස්මොටා post එකත් මතක් උනා. සහ මේ ටිකේම එකදිගට බලු පූස් කතන්දර, video, celebritiesලගෙ බලු පූස් gossip තමයි දකින්න හම්බුනෙ. ඒ එක්කම ලියන්න හිතාගෙන හිටි අදහසක් මතක් උනා........


 

විද්‍යාඥයො, සත්වවේදීන් කියන හැටියට සත්ත්ව ලෝකයේ විකාශයත් එක්ක නින්ද ලබා ගන්නා කාලය සීග්‍රව වැඩිකරගත් කොටහක් තමයිලු බල්ලා සහ පූසා කියන්නෙ.

 

ඒක වෙන්නෙ... මිනිස් පරිණාමයත් එක්ක අපි කැලෙන් එළියට ඇවිත් ජනාවාස වෙන අතරේ මුන් දෙකොට්ඨාසය හෙමීට ගෙට රිංගිල්ලත් එක්ක. ඒ හන්ද කැලේදී කෑම හොයන්න, සතුරන්ගෙන් ආරක්ෂාවෙන්න වගේ වැයවන කාලයයි, වෙහෙසයි මේ ජෝඩුව අපි පිට පටවල. ඒ ඉතිරි වෙලාවෙ තමා උර්තලයක් හෙම වෙලා බුහ් බුහ්, ඤාව් කියාගෙන... ආතල් ජීවිතයක්, සැප ඇලට් එකක් දාල තියෙන්නෙ 😆

 

පෙනේද මුන් කොකා පෙන්නල තියෙන තරමක් අපට! යාම ගහන්ට එපෑ 🐍

 

දඩයමට, ආරක්ෂාවට, සටන්වලට, මුදල් උපයන්න... වගෙ ලොකු දේවල් අපි එක්ක ඉන්න cats & dogsලගෙන් නොකෙරෙනකොට, වැඩි හරියක් මේ ජෝඩුව ගෙවල්වල හදන්නෙ හුරලතලයට වගේම තනිකම, විඩාව නිවාගන්නත් එක්කල. ඔය අතරේ මතක් උනෙ, කලියෙන් කියවපු මිනිස් සම්බන්ධතාවයන්ට අදාළ සමාජ පරීක්ෂණ 2,3ක් හා සමාජ විද්‍යාඥයන්ගෙ අදහස් කීපයක් ගැන. පරීක්ෂණවල අවධානය යොමුවෙලා තිවනෙ මිනිසුන්ගෙ සමාජ සම්බන්ධතාවල පිරිහීම, නැගීම සහ වෙනස්වීම ගැන. කෙටියෙන් විස්තරෙ කිව්වොත් සමීක්ෂකයින් පෙන්වල තියෙන විදිහට නම් අපේ සමාජ සම්බන්ධතා පෙරට වඩා දුර්වල වී තියෙන බවක් තමයි පේන්නෙ.

 

සමීක්ෂණ අදහස් හා සමාජ විද්‍යාඥ මත දිහා බැලුවොතින්... මූලිකවම සමාජ පරිවර්තනයන් ඇතුළු කොට ගත්තහම නාගරීකරණය, තාක්ෂණය, සමාජ මාධ්‍යය වර්ධනය, විදේශගතවීම්, පවුලේ හෝ හිතවතුන්ගේ මරණ, වයෝවෘධභාවය එක්ක ඇතිවන ගැටලු, තරඟකාරී ආර්ථික රටාව, රෝගාබාධ හා ව්‍යවසනයන්ට ලක්වීම සහ තවත් කාරණා එක්ක... මේ පෙරළෙන ලෝකෙ සමාජ සම්බන්ධතා පැත්තෙන් අපි යම් පලුද්දක් කරගෙන තියෙන හැඩයි.

 

ඒත්... තවත් කෝණයකින් බැලුවහම පේන්ට තියෙන්නෙ සමාජ සම්බන්ධතා වල යම් වර්ධනයක්. ඒ සමාජ මාධ්‍යය හා තාක්ෂණය ඔස්සේ මිනිසා සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්න අපි ගන්නා උදව්වෙන්.

 

FB post එකකට comment කිරීමෙන්, විශේෂ දවසකට සුභ පැතුම් social media හරහා එක් කිරීමෙන් සමාජ මුහුවීම අද සුලබ දෙයක්. ඒත් එය තාක්ෂණයෙන් ලැබුන පහසුවක් විනා නියම සමාජ සම්බන්ධතා පවත්වාගැනීමක්ද කියන එක සැක සහිතයි. (කොහොමින් උනත් මේ ගැනත් ඇතිවෙන්න පර්යේෂණ, විශ්ලේෂණ සිදුවෙලා තියෙනව නෙ).

 

කෝමෙන් කෝම උනත් සමාජ සම්බන්ධතාවල පොඩි ඩාම් ඩූම් තත්ත්වයක් නං වෙලා තියෙන බව හැබෑව. ඒකට අර උඩ තියෙන, විශ්ලේෂකයන්/ පරීක්ෂකයින්ගෙ පෙන්වා දුන් කාරණා තමයි හේතුව. සහ ඒ කාරණා සේරමට මූල බීජය වෙන්නෙත්... අපේ ආත්මාර්ථකාමී, පුද්ගලිකත්වයම කේන්ද්‍රගත, අධි පරිභෝජනවාදී වීමයි. ඒ කියන්නෙ අපි පෙර පරම්පරාවන්ට වඩා ස්වාර්ථයම මුල්කොටගෙන ගමන්කරන බවයි සමාජ විශ්ලේශකයයන්ගෙ අදහස.

 

ඒ අනුව සමාජ ආශ්‍රය පෙරට සාපේක්ෂව අඩු වෙනව වගේම, පොදු වැඩකදී මේ ආත්මාර්ථය දැඩිකම නිසා ප්‍රශ්න ඇතිවෙන එකටත් ඕනෑතරම් උදාහරණ අපි ඕනෑ තරම් දන්නව.


 

සඳ කිනිති, ගිනියම් ඉර post එකෙත් මේ සම්බන්ධව යම් අදහසක් ලියවුනා. අපි පුද්ගල කේන්ද්‍රගත වැඩි නිසා අපෙන් බාහිර පාර්ශවත් අපි අපිට ඕන විදිහට හසුරුවන්න යනවද මන්ද කියල.

 

හැබැයි ඉතිං අපි ඒ විදිහට... බල්ලෙක් පූසෙක් එක්ක හෝ ඇතිකරන විසිතුරු මාළුවො ටිකක් එක්ක අර වගේ හැසිරෙන්න යනව බොහොම අඩුයි. බල්ලෙක් නිතරම සද්ද කරත්, මේක මහ කරදරයක්නෙ කියල ඇඟට ගන්නෙ නැති තරම්. පූසෙක් ගෙදරින් යන එන වෙලාව ගැන උනත් අපි වැඩිය තකන්නෙ නෑ. සර්කස්වල වගෙ ඉතිං අපි ගෙදර සුරතලාව පුහුණු කරන්න යන්නෙත් නෑ නෙ.

 

මේ නිසා මිනිස්සු පෙරට වඩා අඩුවන, සමාජ ආශ්‍රයේ හිස්තැන පුරවගන්න... සුරතලයට/ පාළුව මකාගන්න ඇතිකරන සතුන් හරහා නොදැනුවත්වම හෝ සපුරගන්න උත්සහ කරනවාදෝ වගෙ අදසහක් තමයි ඇතිවෙන්නෙ හිටං

 

 

සැ.යු - දැන් ඉතිං මේක ලීවේ හැම සුරතල් හිමියෙක්ම සමාජ ආශ්‍රය නිශ්‍රයට නැඹුරු බව අඩුයි කියල හෝ ඒ අයගෙ ආත්මාර්ථය වැඩී  කියල නෙමේ හිටං... හොඳේ🙃 😁

20 comments:

  1. ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ නමියගේ අදහසට ගරු අක්රන් ගමන් නමිය පූසෝ බල්ලෝ හදල තියනවද කියල අහන එක . පූසා හා බලල නිකන් කාල ඉන්න සතෙක් නෙමෙයි . උන් ආවේ ආතල් එකේ නිදා ගන්නත් නෙමෙයි . මීයෝ වගේ ධාන්‍ය විනාශ කරන සත්තු අල්ලන්න තමා පූසා පුරුදු කරගත්තේ මුලින් ජනාවාස උණු මිනිස්සු . වෘකයන් , නරින් අල්ලල බල්ලෝ කර ගත්තේ දඩයමේ යන්න , බැටළුවෝ බලා ගන්න ආදියට . ඒක හින්ද තමා දැනුත් පූසෙක් හෙම ඉඳල හිටලා මීයෙක් , කුරුල්ලෙක් හෙම ගෙනත් දෙන්නේ . තෑග්ගට . මට බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වුන කාලේ - රැකියාවේ ස්ට්‍රෙස් එකට , ඩොකා කීවේ පූසෙක් ඇති කරන්න කියල , බෙහෙත් නොගෙන රුධිර පීඩනය අඩු කරනවා කියල . එහෙම තමා අපි පූසෝ ඇති කරන්න ගත්තේ . අපේ පූසා ට දැනුත් තේරෙනවා ගෙදර කාටහරි අසනීප නම් . කාමරේ ගාවින් හෙල්ලෙන්නේ නැහැ . බල්ලෝ ඇති කරලා නැහැ . අපි ප්‍රා ජේ ට දෙමු ඒ ගැන කතා කරන්න .

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, නමී අපිත් එක්ක අපේ නංගිලා ගෙදර ගියාම නම් අපේ හිමන්‍යා මිනිපිරීත් එක්ක එහෙ ඉන්න පූසා 'නෝටි කිටී'ව හුරතල් කාරනවා, මදි නොකියන්නම.

      Delete
    2. Ajith Dharma
      ඇත්ත. බල්ලො, පූසො සහ කියපු සත්තු වගේම... ගවයෝ, බූරුවෝ, අලි ඇතුන් මිනිස් ජනාවාස වීමත් එක්ක සමීප උනෙ නිකම්ම නෙමෙ. දෙපිරිසම අඩුවැඩිවශයෙන් එකිනෙකාට උදව්කරගනිමින් ජීවත් වෙන්න උනා. සහ ඒ අතර කාලයේ සත්තු හිංසනයට ලක්වීමත් සිදු වුනා/ වෙනව.
      නින්දෙ වර්ධනය සලකලා තිබුනෙ කැලේ සිටි අවදිය හා මෑත කාලීන ගෘහාශ්‍රිත බලු, පූස් වෙනස සලකමින්. post එක කෙටියෙන් ලියන්න හිතපු නිසා අදාළ කරුණුත් ඩාම් ඩූම් වෙලා කියවෙන්න ඕන අදහස යට ගියත් වගෙ 🙃

      ඔය විදිහෙ පූසෙක් රෝහලක හිටිබව කලිනුත් අහල තියෙනව. පූසන්ට වෙනස්ම සුවඳක් ලෙඩ අයගෙන් එනවයි කියල තමා ඒ අය කියල තිවනෙ 🤨

      Delete
    3. මේන් අහුඋනා ඒ පූස් තඩිය. නම ඔස්ක කියලයි කියන්නෙ -
      https://en.wikipedia.org/wiki/Oscar_(therapy_cat)

      Delete
    4. මම මේ බැලුවේ අපේ මහිලාව දවසම නිදි තමා අද . කෑමට නැගිට්ට . ආයි නිදි . මුන් වින්ටර් එකට නිදියනව වැඩියි

      Delete
    5. හුම්: ලන්කාවෙනං ඉතින් නිදාගෙන ඉතුරු වෙලාවක උන්දල දඩාවතේ යනව. ඒත් හීතල රටවල උන්ට ඒක බැරුව ඇති නෙ... ඒ අස්සෙ වින්ටරයත් ආහම තමා 🤣🤣

      Delete
  2. මං හිතන්නේ පූසොත් කුඩාකල සිට හුරුඋන ආකාරයට තමයි හැසිරෙන්නේ. අපේ ගෙදර බලෙන් පදිංචි උන එකෙක් ඉන්නවා නිදියන්න ඉල්ලන්නෙම අපේ ඇඳන්. වෙන කිසිම තැනක නිදියන්න කැමති නෑ. ඉස්සරලා හිටපු ගෙදරින් හදලා තියෙන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකනෙ. සමහර පූස් තඩියො සැප පහසුව හොයනව... අපිට වඩා 😁

      Delete
  3. ජෝඩු දෙකට හතර දෙනයි
    ජෝඩුව නං දෙදෙනා වෙයි
    බල්ලො බළල් වරිග දෙකයි
    දඩිබිඩියේ ලිව්ව වගෙයි!

    ReplyDelete
    Replies
    1. වැරැද්ද හැදුවා. ස්තූතියි!
      නෑ දඩිබිඩියෙමත් නෙමේ, දිගට විස්තරාත්මකව ලීවොත්... කියවන අයට අපහසුවක් වෙයි කියලයි හිතුවෙ 😊

      Delete
  4. Replies
    1. මරු එඩිට්එක 👌
      මීයොත් නැහ්නං හොඳයි... සුවරගෙ 😂😂

      Delete
  5. සමහර සාධක එක් එක් කාරණා මත වෙනස් වෙනවනෙ. කලකට කලින් අපේ ලොක්කා ගැන ලියපු එකත් මතක් වුණා - https://wehimandarama.blogspot.com/2017/01/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. ඔව් 👍🙂
      ආවට ටැංක්ස්. ගිහං බලන්නං

      Delete
  6. සුරතල් හිමියා : හා බලු රාලේ ඉඳින්, සිටින්, බුරං, රෝල් ඔවර්
    බලු රාල : බුහ් කියා ජිම්නාස්ටික් පෙන්වයි
    සුරතල් හිමියා : හා පූස් සිට්
    පූස් : fuff off, I don't do that shit

    පූසන් පූර්ණ වශයෙන් ඩොමැස්ටිකේට් වී නොමැති බව සත්වවේදීන්ගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. ☺️👌

      'පුංචි බලු රාළේ - මා ගෙදර නැති වේලේ
      කවුද මගෙ බෝලේ - පෙරළ පෙරළා මිදුලෙ හිටියේ

      Delete
  7. බව්වො නම් හොදා..පූසොනම් මට ඇලජික් 🙃

    ReplyDelete
  8. නමියා බල්ලෝ සහ පූසෝ වෙනස් විශේෂ දෙකක්, කොටින්ම කුල දෙකක කියලත කියන්න පුළුවන් නේද? මිනිසා ගත්තත්, ඒත් ඒ වගේ උදාහරණ විදිහට ලංකාවේ රට පුරා විසිරුණු ඇතැම් කුල ප්‍රජාවන් ඉන්නවා. ඔවුන් කුල වශයෙන් සංවිධානය වෙලා ඉන්නේ ඒ කුල අනන්‍යතාව වැදගත් නිසා. ඒ කුල වලින් ප්‍රධානතම දෙකක් තමයි වහුම්පුර සහ නවන්දන්නා කියන කුල. මේ කුලවල ජනගහනය ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයන් වුණත්, එම පදනම්වලින් ඔවුන්ට ප්‍රමාණවත් මහජන නියෝජනයක් නැහැ.

    මේ වගේ කුල නියෝජනය කරලා බලයට පත්වන ඇතැම් කපටි දේශපාලනඥයන් ජනාධිපති, අගමැති වැනි බලාධිකාරීන් වෙත ළංවෙන්නට තම කුල අනන්‍යතා ඔස්සේ තමන්ට එම ජනතාව නියෝජනය කළ හැකි බව පෙන්වනවා. සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ අය එවැනි කුලවල අනන්‍යතා භාවිතා කර දේශපාලන බලය තුල ඉදිරියට ආපු අය. සිල්වලා සහ ද සිල්වලා වර්ග දෙකක්ලු. කොයි එකාද උසස් කියල නම් මම දන්නෙ නෑ. මොකද දැන් අපි දන්නෙ නෑනෙ නලින් ද සිල්වද මර්වින් සිල්වද උසස් කියලා. දෙන්නම එක වගේ වැඩනෙ කළේ. වහුම්පුර කුලය නියෝජනය කරපු එම කුලයේ පවුලක උපන් දක්ෂ නිර්මාණකරුවෙක්, මාධ්‍යවේදියෙක් විදියට අපට දිනමිණ, දිවයින, රිවිර, සිළුමිණ ඇතුළු පුවත්පත් ගණනාවක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදී නන්දසේන සූරියආරච්චි හඳුන්වා දිය හැකියි.

    මීට වසර දෙකකට පමණ පෙර අභාවප්‍රාප්ත වුණ එස් ඒ නන්දසේන මියයන විට 78 වැනි වියෙහි පසු වූ ග්‍රන්ථ 55 ක කතුවරයෙක් ලෙස 1945 මාර්තු 27 දකුණු පළාතේ බද්දේගම, උනන්විටියේදී උපන් ඔහු වැලිවිටිය මහා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලය සහ හොරණ විද්‍යාරතන විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූවා. වහුම්පුර කුලයට ආභරණයක්න්ද වුණ ආචාර්ය නන්දසේන සූරියාරච්චි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් විදියට කැලණිය විශ්වවිද්‍යාලයටත් ආභරණයක් වුණා.

    ReplyDelete
    Replies
    1. ano ස්තූතියි විස්තර සහිත කොමෙන්ටුවට. එන්ට පහුඋනාට සොරි

      මේ කීව කුල දෙක ගැන වැඩියමක් අහල නෑ. ඡන්දෙ සටනට කට්ටිය ඉතීම් ජාති, කුලමල, වර්ගවාද, පක්ෂ, පාට.... ඇතුළු හැම දේ ආඳා ගන්නවා නෙව. ඒ අතරට බුද්දාගමත් උඩින්ම තියෙනව. ඒත් බුදු දහමේ කියවෙන 'නජජ්ජා වසලෝ හෝති' ගාථාව අමතක කරල තමා උන්දලාගෙ වැඩ. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්!

      නන්දසේන ගැන විස්තර කීවටත් ටැංක්ස්

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්