ද්වාරය:සෞරග්‍රහ මණ්ඩලය
Portal maintenance status: (2023 ඔක්තෝබර්)
|
සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 205, ප්‍රධාන වාමන ග්‍රහයන් පහකින් (5) (ප්ලුටෝ, එරිස්, සෙරිස්, මාකේ මාකේ, හෝමියා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් නව (8) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක, දුහුවිලි වලින් සමන්විත වේ.
-
Image 1
හවුමේයා (ඉංග්‍රීසි: Haumea) නම් වන වාමන ග්‍රහයාට චන්ද්‍රයේ දෙදෙනෙක් (2) ඇත. Hiʻiaka සහ Namaka. (තව දුරටත්...) -
Image 2සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ. සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටය.
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ. (තව දුරටත්...) -
Image 3
සෞරග්‍රහ මණ්ඩලයේ 8 වෙනි සහ සූර්යයාගේන් දුරින්ම පිහිටි ගහලෝකය වන්නේ නෙප්චූන් ය. (තව දුරටත්...) -
Image 4
අඟහරු ග්‍රහලොව (සංකේතය: ), සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා වේ. එයට රතු ග්‍රහයා යන නම භාවිතා වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන් දිස්වන බැවිනි. මාස් (Mars) යන ඉංග්‍රීසි නාමය එයට ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දෙවිවරයා සිහිපත් කරමිනි. (තව දුරටත්...) -
Image 5
මාකේ මාකේ (සංකේතය: ) වාමන ග්‍රහලොව කුයිපර් වළල්ලේ ඇති විශාල ග්රහවස්තූන්ගෙන් එකකි. මෙහි විශ්කම්භය ප්ලූටෝ ග්‍රහලොව මෙන් 2/3 කි. මේක්මේක් හට උපග්රහයන් නොමැති බැවින් එය කුයිපර් වළල්ලේ ඇති අනෙක් ග්‍රහලෝක අතුරින් වෙන්කර හඳුනාගත හැකිය. එමගින් එහි බර නිමානය කලහැකිය. එහි උෂ්ණත්වය 30 K (−243.2 °C) ක පමන ඉතාමත් අඩු ප්රතිශතයක උෂ්ණත්වයකි. එමගින් කියවෙන්නේ එහි මතුපිට එතේන්,මෙතේන් සහ නයිට්රජන් අයිස් මගින් ආවරනය වී ඇති බවයි. (තව දුරටත්...) -
Image 6
ග්රහක පටිය යනු සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු හා බ්‍රහස්පති ග්‍රහයන්ගේ කක්ෂ අතර ප්රදේශයයි. එම ප්‍රදේශය තුල අක්‍රමවත් හැඩැති වස්තුන් (ග්රහක) නැතිනම් කුඩා ග්‍රහලෝක ගණනාවක් දක්නට ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් කුඩා ග්‍රහලෝක එකතු, එනම් කියුපර් පටිය සහ විසිරුණු තැටිය වැනි එකතූන්ගෙන් වෙන්කර හඳුනාගැනීම පිණිස මෙම ග්රහක පටිය, ප්‍රධාන පටිය ලෙසද හඳුන්වනු ලැබේ.
ග්රහක පටියේ ස්කන්ධයෙන් අඩකටත් වඩා ගැබ් වී ඇත්තේ සෙරෙස්, වෙස්ටා 4, පල්ලාස් 2 සහ හයිජියා 10 යන විශාල වස්තූන් තුලය. මේ වස්තු හතරටම කිලෝමීටර 400 කට වඩා වැඩි මධ්‍යයන විෂ්කම්බයක් ඇති අතර ග්රහක පටියේ එකම කුරුමිටි ග්‍රහයා වන සෙරෙස් ගේ විෂ්කම්භය කිලෝමීටර් 950 ක් වේ. අනෙකුත් ග්රහක දුවිලි අංශුවක් දක්වා විවිධ ප්‍රමාණ වලින් යුක්ත වේ. ග්රහක ද්‍රව්‍ය තුනී ලෙස පැතිරී ඇති බැවින් කිසිදු අනතුරකින් තොරව මිනිසුන් නොමැතිව අභ්‍යවකාශ යානා ගණනාවක් මේවා අතරින් ගමන්කර තිබේ. (තව දුරටත්...) -
Image 7යුරේනස් යනු සූර්යයාගේ සිට හත් වැන්නට පිහිටා ඇති ග්‍රහලොව වන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වයෙන් තෙවන ස්ථානය හා ස්කන්ධයෙන් හතරවන ස්ථානය ලබාගනී. එය නම් කරන ලද්දේ අහසට අධිපති දෙවියාගේ නමිනි. එනම් යුරේනස්ය. ඔහු ක්‍රෝනෝස් (සෙනසුරු) ගේ පියා වන අතර සියුස් (බ්‍රහස්පති) ගේ සීයා ද වේ. නූතන කාලය තුළ සොයාගත් මුල්ම ග්‍රහ වස්තුව ද මෙය වේ. මුලින්ම සොයාගත් ග්‍රහයින් පස්දෙනා මෙන්ම පියවි ඇසට දර්ශනයවුවත් පැරණි නිරීක්ෂකයන් එය ග්රහලොවක් ලෙස හඳුනා නොගත්තේ එහි තිබූ අඳුරු ගතිය නිසාවෙනි. නූතන ඉතිහාසයේ ප්‍රථම වරට සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව දැන සිටි සීමා මායිම් පුළුල් කරමින් 1781 මාර්තු 13 වන දින සර් විලියම් හර්ෂෙල් විසින් යුරේනස් සොයාගැනීම ප්‍රසිද්ධියට පත් කරන ලද අතර එය දුරේක්ෂයක් යොදාගනිමින් සිදු කළ ප්‍රථම සොයාගැනීම ද විය.
යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයින් දෙදෙනා අභ්‍යන්තරික හා වායුගෝලීය සංයුතීන් අනුව විශාල වායු යෝධයින් වන බ්‍රහස්පති හා සෙනසුරුගෙන් වෙනස් වේ. අභ්‍යාවකාශ විද්‍යාඥයින් ඇතැම් විට ඒවා අයිස් යෝධයන් ලෙස වෙනස් වූ වර්ගීකරණයට ඇතුළත් කරයි. යුරේනස්ගේ වායුගෝලය බ්‍රහස්පති හා සෙනසුරුට සමාන වන මුලිකවම හයිඩ්රජන් හා හීලියම්වලින් සමන්විත වන අතර ජලය , ඇමෝනියා හා මීතේන් වැනි අයිස් විශාල ප්‍රමාණ වලින්ද සාමාන්‍ය හයිඩ්‍රොකාබන ශේෂයන් ෙගන්ද සමන්විතවේ. තවද එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සිසිල්ම ග්‍රහලෝකය ද වේ. එහි අවම උෂ්ණත්වය 49K (-224oC) පමණ වේ. එයට ස්ථරවලින් යුත් සංකීර්ණ වලාකුළු අකෘතියක් පවතී. එහිදී ජලය එහි පහළින්ම ඇති වළාකුළු ස්ථරය සාදන බවත් මීතේන් එහි ඉහළින්ම ඇති වලාකුළු ස්ථරය සාදන බවට උපකල්පනය කර ඇත. (තව දුරටත්...) -
Image 8
සිකුරු ග්‍රහලොව (සංකේතය: ) සූර්යයාට දෙවැනියට ළගින් ඇති ග්‍රහලෝකයයි. එයට සූර්යයා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 224.7 ක් ගත වේ. චන්ද්‍රයා හැරුණු විට අහසේ දක්නට ලැබෙන දීප්තිමත් ම ස්වාභාවික වස්තුව මෙය වන අතර එහි දීප්තිමත් බව - 4.6 ක් වේ. සිකුරු ග්‍රහයා අප්‍රධාන ග්‍රහයෙක් වන බැවින් එය පෘථිවියේ සිට බලන කල සූර්යයාගෙන් වැඩි ඈතක ගමන් කරනු දක්නට නොලැබේ. එහි දිගාංශය 47.8 ක උපරිමයක් ගනී. සිකුරු ග්‍රහයාගේ උපරිම දීප්තිය දක්නට ලැබෙන්නේ ඉර උදාවට පෙර සහ ඉර බැසීමෙන් පසුවය. මේ නිසා එය පහන් තරුව, උදා තරුව (Morning star) හෝ ඉරබටු තරුව (Evening star) ලෙසද හැදින්වේ. (තව දුරටත්...)
ඔබට සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
| |||||||||||||||||
සෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වය |
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව