කටුනායකදී.........
"නිල් ...කට් රොල් මලෙක ඇවුනු
වැට් කොල් මල් සෙයි"
සැන්ඳැඟ සිහිවෙන වැනුමක්
හිතට නොම දැනෙයි
හීන් ඇඳිරියට පිටුපා
විසිර යන ළමයි
පහන් මසිත කවි සිතුවිලි
හකුලුවා දමයි.
හීන් සීරුවෙනි මග මරු වැල්ය
සිනාසෙන්නේ
එයින් මිදෙන මග දැන ගනු
මං මුලා නොවන්නේ
රෑන්පිටින් යන ගමනේ
අසිරි නොව බලන්නේ
"ෂයිලොක්ලා" ලේ මස් මයි
හිලව්වට පතන්නේ
ගිනි කාස්ක බැහැ ඉවසනු
සිහිල් සුළං කෝ
මනුරාස්ස නෙත් මානන
සලෙළ විලංගූ
අම්මාවරු ගම් දොරකඬ
පුදන දෙවින්දු
පිං ඇරගෙන රැක දෙනු මැන
මෙපුර එ ළන්දූ.
.