මායි අයියාමල්ලියි ගියා (ඇත්තටම යන්න උණා...) දිග.... ගමනක්... ත‍්‍රි වීලර් එකේ....!! වාව් ඒකනං මතක්කරන කොටත් ඉක්කා යනවා..!! කිලො මීටර් එකසිය ගානක ගමනක්.. ගමන යද්දි දැණුනෙ නිකං දූරියන් ගොඩක් උඩ ඉන්නව වගේ....! ආපහු එනකොට කිසි හැගීමක් දැනීමක් නෑ.. අල්ලලා බලද්දි අතට දැණුනොත් මිසක් පස්සක් තියේද කියලවත් දැණුනෙ නෑ...
වෙලාව පාන්දර දෙකට විතර ඇති.. ඔහොම අපි ආතල් එකේ එනකොට ගෙවල් වලට සෑහෙන්න කිට්ටුවෙන් ඉස්සරහා ට‍්‍රැෆික් පොලිස් අත දිග ඇරගෙන ඉන්නවා..
"මෙ නිදිමත් වෙලාවෙ මුං ගෙදර යන්නෙ නැතිව මගුලක් කරනවා මෙතන....."
ඇත්තටම ඒ වෙලාවෙ එහෙම හිතුනට ඒ මහත්වරුන්ගේ රාජකාරිය නොවැ කරන්නෙ... අපි ඉතිං පුළුවන් සහයොගයක් දෙන එකනේ යුතුකම... බයවෙන්න දේකුත් නෑ කිසි වැරද්දක් කලෙත් නෑ... ඩයිවර මහත්තයාත් නිත්‍යානුකූල විදියටම ඉන්නවා... සිග්නල් දාලා පාරෙන් අයින් කරලා නැවැත්තුවා.. පොලිස් රාළහාමිවත් පහුකරලා... ඩයිවර බැස්සා... අපිත් පස්සට රෙස්ට් එකක් දෙන්නත් එක්ක බැස්සා..
රාළහාමිලා දෙන්නයි.. එක්කෙනෙක් දුරගමන්සේවා බස් එකක් නවත්තගෙන ලියනවා... ඒ ඩයිවරුත් දහ අතේ වඳිනවා.. රාළහාමි බැන බැන ලියනවා ආයෙ ටිකක් බනිනවා...!!
ඔන්න අනිත් එක්කෙනා මේ පැත්තට එනවා... මටනං මාර කන්පිඩන්ස්.. වැරුද්දක් නැතිව යද්දි ට‍්‍රැෆික් නැවැත්තුවාමයි මයෙ ජීවිතේටම මොනවා හරි කියන්න ආවොත් දුන්නෑකි ඇට්ටි හැලෙන්න.. ළගට එද්දි හොඳට විරිත්තුවා....
"කෝ මේකෙ පාක් ලයිට් නෑනෙ..."
හුටා...!!!! මුගෙ ගෑනිට අල සුද්දකරන්ඩ යකෝ යමර පොරක්නේ.... මූ මේකටද මෙ අපිව නැවැත්තුවෙ... මූ කොහොමද ඉස්සරහට එන වාහනේ පාක් ලයිට් දකින්නෙ... මුගෙ පස්සට ඇස්...??, නෑ එහෙම තිබ්බත් ඔක පෙනෙයිද... මමත් වාහනේ දිහා බැලූවා... එකක් වැඩ නෑ නේන්නං.. මගෙ හුළං බැස්සා... අඩියක් පස්සට ගියා ඩැයිවර මහත්යාට ඔනෙ මගුලක් කරගන්න කියලා...
"මේක වැඩ කරා අයියෙ මේදැං කියනකං දැක්කෙ නෑ.. "
"ඒවා හරියන්නෙ නෑ... දඩේ ගෙවලා පලයල්ලා..."
"අනේ එහෙම කරන්න එපා මේ මං හෙට හදාන ඇවිත් පෙන්නන්නං එතකං ඕන්නං ලයිසන්..."
"ඔක ගෙනිහිල්ලා අපි අල හාරන්නද බං... නිදිවරාගෙන අපි මේ ලයිසන් එකතු කරනවා වගේද පේන්නෙ.. එහෙම බෑ.. වැරද්දනං වැරද්ද..."
එතකොට අනිත් රාළහාමිත් මේ පැත්තට ආවා...
"මොකෝ...??"
"නෑ මෙක ලිවුවොත් දවස කවර්.., ගෙදර ගිහැකි..! මොකද කියන්නෙ...?"
"අනේ අයි උසාවියට යන්නනං බෑ..."
"එහෙනං රු600 දිලා පලයං අපි වෙන බස් එක්ක නවත්ත ගන්නං..."
"අනේ... මේ හයර් එකේ ලාබෙත් රු500 දවසටම මේක විතරයි ගියෙ.."
"අපෝ බං උඹලා..."
එතකොටම අපේ වෙලාවට හරි උගෙ කරුමෙට හරි එතනිං ලේලන්ඩ් බස් එකක් ආවා....
"පොඩ්ඩක් හිටපන්..." කියා මුන් ඒකට අත දැම්මා...
"හරි හරි තොපි පලයව්..." කියලා දෙන්නා ගියා බස් එක පැත්තට... අපිට පිටුපාලා යනකොට තමයි දැක්කෙ මුංගේ බඩවල්..... යකො පිටිපස්සෙනුත් පේනවා... කඳවල් ආරලා තියෙනවා අපූරුවට.... ගෑණිට ජිම්නාස්ටික් පුලුවන් ඇති අනිවා.... නැත්තං බෑ... අපි ඉතිං අයේ බල්ලො වගේ නැගලා ආවා....
මම මේ එනගමනුත් කල්පනා කලේ මුං අපිට කතා කරපු විදිය.. එයාළට කොහෙන්ද එහෙම කතා කරන්න අයිතියක්... වැරද්දකට අදාල නීති ක‍්‍රියාමාර්ග ගත්තාම හරිනෙ ඇයි මෙච්චර සැර...?? ඇයි අපිත් කටවහගෙන හිටියෙ... ??
ඩැයිවර් උන්නැහෙනං කිවුවෙ...
"අපිත් වැඳ වැඳ පස්සෙන් යනහින්දා තමයි....,එහෙම නැතුව වැරුද්ද පිලිඅරගෙන නම්බුපිට හිටියනං මොකුත් කියන්න බෑනේ.... "
"ඉති ඇයි මිනිස්සු එහෙම ඉන්නැතුව මේ දෙකයිපණහෙ උං ගාව ඇඹරෙන්නෙ... ??"
"මිනිස්සුනං මන්දා... හැබැයි මාව උසාවි දැම්මොත් දවසම උසාවි ගානේ රස්තියාදුව... එදා දවස ගෙවන්නෙ කොහොමද ආදායමක් නැතිව... දඩේකුත් වදිනවා තව.. ඊට හොඳයි වැඳලා ගුටිකාලා හරි බේරිලා එන එක...."
අනේ මන්දා...!!
අලුත් කඩේ නැෂනල් සිකුරුටි
23 hours ago
This comment has been removed by a blog administrator.
මමනං අද වෙනකං උසාවි කේස් දාගෙන නෑ . . . ඒත් උඹට තේරෙයි උඹත් වාහනේකිං දවස් රස්සාවක්කලා නං . . ඇයි ඩ්‍රයිවර්ල බාප්පලට නැමෙන්නෙ කියල . . . .
දඩේ විතරක් නෙමේ උසාවියෙ දවසම රස්තියාදු වෙලා තව ලෝයර්ට 500ක් හරි 1000ක් හරි දීල වැඩ කරන දවසක් උසාවියට ඉවර කරගෙන අතිං කනවට වඩා දවස් රස්සාව කරන මනුස්ස්යෙකුට බාප්පෙකුට 500ක පගාවක් දෙන එක ලේසියිබං . . .
හැම දේටම ටාගට් එකක් දීලා...නඩු ගාන කවර් වෙනකං දෙයියන්ගෙම පිහිටයි පාරේ යන උංට....
@ඕනයා:සිරාවට උං ඒකෙන් තමයි නරක් වෙන්නෙ... උසාවි අත්දැකීමත් හම්බුණා දෙයියංගෙ පිහිටෙන්....
@ඔබ නොදුටු ලොවක්.....:ටාගට් කේස් එකනං මාත් අහලා තියෙනවා එයාලත් අල්ලන්නෙ අපිමනෙ..
ජීවිතේට දීලාත් නෑ, දෙන්නේත් නෑ.
මමත් දීලා නං නෑ... දෙන්ඩ දන්නෙත් නෑ.. හැබැයි මගෙන් ඉල්ලලානං තියෙයි...