මට මතක විදිහට ඒ ඕලෙවල් හරි ඒලෙවෙල් හරි කිට්ටු කාලයක්. උදේ බෝධි පුජාවට විශාල සෙනගක් හිටියා. විභාගෙට ආශිර්වාද ලබාගන්න අම්මලා තාත්තලා එක්ක ආපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමයි වැඩිපුර හිටියේ. පුජාවට අවශ්‍ය කළමනා ලැහැස්තිකරගෙන අපි දෙන්නත් සෙනග අතරෙන් හාමුදුරුවන්ට කිට්ටුවෙලා භාරයක් ඔප්පු කරන්න ආපු බව කීවහම උන්වන්සේ ඒ අවශ්‍ය දේවල් කල යුතු ආකාරය පැහැදිලි කරලා දුන්නා. තදබදයේ උනත් ඒ කළමනා, දැහැත්, මල්, පහන් එහෙම පුජා කරලා, අවශ්‍ය කටයුතු එකලාසයක් කරලා අපි දෙන්නා විහාර ගෙයින් පිටමං වෙලා බෝධි මළුවට පියමැන්නා. පන්සලේ සෙනග හිටියත් බෝ මළුව බොහොම නිස්කලංකයි. ලා හිරු රැස් පතිත වුන බෝ මලුව පුරාම ශාන්ත බවක් පැතිරුනා. ඒ ශාන්තබවට, සැනසිල්ලට හිත ඇදිලා ගිය නිසා මාත් අයියත් බෝ මළුවේ සුදු වැලිතලාවේ වාඩිවුනේ වන්දනාකරනවාටත් වඩා බෝ පත් සෙවනේ දැනුන සැනසිල්ල, සිසිලස, ශාන්තබව රිසිසේ හිතට ගලාගෙන යන්න ඉඩදෙන්නයි.
අපි දෙන්නා බෝ මළුවේ වාඩිවෙලා දන්නා විදිහට ගාථා කියමින් වැන්දා. ඊට පස්සෙත් නැගිටලා එන්න හිතක් නොතිබුන නිසා උන් තැනම වාඩිවෙලා බෝ මලුවේ ඒ මේ අත ඇස යවද්දී මම දැක්ක මගේ අම්මාගේ වයසම ඇති අම්මා කෙනෙක්. ඒ අම්මව මම දැක්කේ පන්සලට ආපු වෙලාවෙයි. ඒත් ඒ වෙලාවේ අවධානය යොමුවුනේ නැතත් එක පාරටම මගේ අවධානය ඈ වෙත යොමුවුනා. මිට පෙර කොහේදී හෝ ඈ හමුවී ඇති බව හිතුනත් ඒ ගැන හරි හමන් නිනව්වක් මගේ හිතේ තිබුනේ නෑ. " නෑ මම දන්නා කෙනෙක් වෙන්න බෑ " මටම කියාගත් මම නැවතත් ඈ වෙත ඇස යොමුකළා. ඈ ඉතා වුවමනාවෙන් සැහෙන වෙලාවක ඉඳං වතාවත්වල යෙදුන බව මට පැහැදිලියි. ඒ වගේම මට හිතුනා මේ අම්මගේ වතාවත් සියල්ලම ඇයගේ දරුවෙකු වෙනුවෙන් කියලත්. ටික වෙලාවක් මම මගේ මනෝ ලෝකේ තනිවෙලා හිටියේ කිසිම අරමුණක් නැතුව. ආයෙත් මේ ලෝකෙට ඇවිල්ලා වටපිට බලද්දී මම දැක්කා අර අම්මා වතාවත් කටයුතු ඉවර කරලා බෝ මළුවට වෙලා ඉන්නවා. ඒ එක්කම ඇයගේ ඇස් මා වෙත යොමුවුනා. මද සිනහවකින් සංග්‍රහ කරපු ඇයට මමත් මඳ සිනහවකින් සංග්‍රහ කරා. ඇගේ දෙනෙත් වල බොහෝ වෙහෙසකාරී බවක්, පිඩාවක ලකුණු මම දැක්ක. ඊටත් විනාඩි 5කට විතර පස්සේ අපි පන්සලෙන් පිටත් වෙන්න ලැහැස්ති වෙද්දී අර මෑණියන්ව මගේ ඉදිරියටම මුණගැහුනා.
"පුතාලා යන්නද ? " මඳ සිනහවක් ආයාසයෙන් මුහුණේ ඇඳගනිමින් ඇය මගෙන් ඇසුවා. " ඔව් අම්මා. අම්මා භාර වෙච්ච බාරයක් ඔප්පු කරන්න ආවා. බෝ මළුවේදි පුදුම සැනසීමක් දැනෙනවා. ඉතින් පොඩ්ඩක් වාඩිවෙලා හිටියා." මමත් උත්තර දුන්නා. "මගෙත් ඉන්නවා පුතාගේ වයසේම වගේ පුතෙක්. මම මේ එයා වෙනුවෙන් පුජාවක් කරන්න ආවේ. පුතා දැක්කහම මට මගේ පුතාව මතක් උනේ " ඇගේ ඒ වචනය පන්සලෙන් පිටත්වෙන්න සුදානම් වුන මාව මොහොතකට නතර කළා. මට හිතුනා පොඩ්ඩක් ඒ අම්මත් එක්ක කතා කරන්න. මොකක් නමුත් දරුවෙක් නිසා ලොකු බරක් දරාගෙන ඉන්න බව මට හිතුන නිසා මම පොඩ්ඩක් නැවතුනා. " පුතා මොකද කරන්නේ ? " ඇය නැවතත් මගෙන් ඇහුවා. " මම වැඩිදුර අධ්‍යාපනයට රට යන්න කියලා. ඒ වැඩේට තමයි අම්මා හාරවෙලා තිබ්බේ. ඉතින් වැඩේ හරි. ඒ නිසා යන්න කලින් බාරය ඔප්පු කරන්න ආවේ. අම්මගේ පුතා මොකද කරන්නේ ?" මගේ හිතේ කැකෑරි තිබ්බ ප්‍රශ්නය එලියට දැම්මා.
"මගේ පුතා එයාර් ෆෝස් එකේ පයිලට් කෙනෙක්. තාම ට්‍රේනින්. අද උදේ එයාට පරීක්ෂණයක් තිබ්බා. එකෙන් පාස් වුනොත් තමයි ජෙට් වලට යන්න පුළුවන්. එයාට නිතර කතා කරන්නත් බෑ. ඒත් කතා කරපු වෙලාවක කිවා හරිම අමාරුයි. ෆේල් වෙයි කියලා බයයි කියලා. ඒ නිසා එයාගේ පරීක්ෂණය ඉවරවෙනකම් තමයි මම මේ පුජාව තිබ්බේ. මට පුළුවන් එකම දේ තමයි ඉතින් මේ. තුරුණුවන්ගේ ආශිර්වාදය ඉල්ලන එක එයා වෙනුවන්." හදවතේ ලොකු බරක් එක්ක ඇය විසින් ඒ වචන ටික ගැලපුවේ තරමක ආයාසයෙන්. " පුතා කොහෙටද ස්කොලේ ගියේ ?" ඇය නැවතත් ප්‍රශ්නයක් ඇසුවා. " මම මලියදේව බෝයිස් එකට ගියේ." මගේ ඒ පිළිතුරත් එක්ක ඇගේ මුහුණට සිනහවක් නැගුනා. ඉතින් පුතේ මගේ පුතා ගියෙත් බෝයිස්.. මොන අවුරුද්දේද ඒ ලෙවෙල් කලේ ? මොනවද කලේ ? " තව ප්‍රශ්න කීපයක්ම ඈ ඇසුවා. " මම 2004. මැත්ස් කලේ. හැබැයි 2005ත් එක්සැම් ලියන්න උනා." එවර ඇගේ දෙනෙත් දිලිසෙන්න වුනා. " අනේ පුතේ මගේ පුතාත් මැත්ස් කලේ 2004. එයත් දෙවැනි පාර කළා. නම තරිඳු." ඒ වාක්‍යයත් එක්ක තරිඳු නමින් ඉන්නා මගේ යාළුවන්ගේ මුණු අතර හිතින් සැරිසැරුවා. ඒත් එයාර් ෆෝස් ඉන්න එකෙක් නම් මගේ හිතට ආවේ නෑ. " අම්මා, සර් නේම් එක මොකක්ද පුතාගේ ? තරින්දුලා ගොඩක් ඉන්නවා." තරින්දුලාගේ පැටලිල්ල ලිහාගන්න හිතාගෙන මම ඇහුවා. " සර් නේම් එක හේරත්. ආ.... එයාට ස්කොලේ හැමෝම කියන්නේ ටී.කේ කියලා." ඒ වාක්‍යයයේ අවසන් අකුරු දෙක කනට වැටෙද්දීම දැනුන සතුට නිම් හිම් නැතිවුනා. හරියට මගේ මනස තත්පර ගානකට ගල් ගැසුනා වගේ උනා. " අම්මා ටී.කේගේ අම්මාද ? අනේ අම්මා ටී.කේ එයාර් ෆෝස් ගියාට පස්සේ ආරංචියක් ගන්න මොනතරම් අපි දැඟලුවද ? අම්මා මම ටී.කේගේ පන්තියේ හිටියේ. අම්මා උයලා එවන බත් එක අපි හැමදාම පොර කකා එකට කෑවේ. මගේ නම නම් අහලා ඇති මම ගොඩමුණේ. ටී.කේලා නම් කියන්නේ ගොඩයා " කියලා. මගේ වචන පෙළත් එක්ක ඒ මෑණියන්ගේ දෑසට කඳුලක් උනනවා මා දැක්කා. " අනේ පුතේ අහලා තියනවා, දවසක් දෙකක් දැක්කට මට මතක නෑ. කොල්ලෝ ඔක්කොම එක වගේනේ. මගේ පුතා දැක්ක වගේ සතුටුයි." ඒ විදිහට තමයි මට ටී.කේගේ අම්මා අහම්බෙන් මුණගැහුනේ. ඒ 2006දි.... එදා මම ටී.කේ අම්මත් එක්ක ගොඩක් වෙලා කතා කළා. අපිත් එක්ක හිටපු කොල්ලෝ ගැන විස්තර ඇහුවා. ඔක්කොටම වඩා ගොඩක් වටිනා දෙයක් මට ලැබුනා. ඒ තමයි ටී.කේගේ දුරකථන අංකය. සම්බන්ධ කරගන්න අසීරු උනත් ලංකාවෙන් එන්න කලින් කොහොම හරි මම ටීකේට කතා කළා.
ටී.කේ කියන්නේ මගේ මිත්‍රයෙක්. නිකම්ම නිකම් මිත්‍රයෙක් නෙවයි අන්තිම පේලියේ මාත් එක්ක දුක සැප බෙදාගත්තු, එක බත් එක බෙදාගෙන කාපු, ජය පැරදුම එකට බෙදාගත්ත මගේ සහෝදරයෙක්. ටීකේටයි මටයි උසස්පෙළ දෙපාරක් කරන්න වෙච්ච එකට අපේ මිත්‍රකමත් ප්‍රධාන හේතුවක් මයේ හිතේ. කොලුකමට කරන්න තියන නොසන්ඩාල වැඩ කරපු අපිට බොහොම සුන්දර මතකයක් තියනවා. පලවෙනි වතාවේ විභාගේ ඇනගත්ත අපි දෙන්නම දෙවැනි පාර ගොඩ. ටී.කේට ඒ දවස්වල වුවමනා වුනේ නාවික ඉන්ජිනේරුවක් වෙන්න. ඒත් දෙවැනි පාර ප්‍රතිපල ඇවිල්ලා ටික දවසක් යද්දී මෙන්න මූ කියපි එයාර් ෆෝස් යනවා කියලා. අහස මොකද සයුර මොකද ? එහෙම කියපු අපේ සහෝදරයා අහස ජයගන්න ගුවන් හමුදාවට සම්බන්ධවුනා. හැබැයි පුහුනුවීම් තියන කාලේ නම් කිසිම ආරංචියක් ලැබුනේ නෑ. නිලධාරියෙක් විදිහට ස්ථිර වුනාට පස්සේ නම් ඔන්න ටී.කේ එක්ක කතා බහ කරන්න, සම්බන්දකම් පවත්වන්න අවස්තාව ලැබුනා. ගිය පාර ලංකාවට ගිය වෙලාවෙත් ටී.කේව හම්බවෙලා ආවේ. ටීකේ කියන්න ඒ වෙද්දී ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා ගුවන් නියමුවෙක්.
මේ ඉන්නේ අපේ වීරයා
හැබැයි මම ඉහතින් සඳහන් කරපු සිද්ධිය මට එක පාරටම මතක්වෙන්න හේතු වුනේ ඉතා මෑතකදී සිදුවුන ආන්දෝලනාත්මක සිද්ධියක්. ඒ තමයි පෙබරවාරි 13 වෙනිදා හදිසියේම පුහුණුවේ යෙදුන මිග්27 ප්‍රහාරක යානාවේ කඩා වැටීම.... ප්‍රවෘත්තිය අන්තර්ජාලය හරහා දැක්ක ගමන්ම මට මතක් වුනේ ටී.කේව. දන්නා කියන උන්ට කියලා අහලා බැලුවා. ඒවගේම ටී.කේගේ ජංගම දුරකතනයට කතා කරන්න උත්සහ කරා. ඒත් ප්‍රතිචාරයක් නෑ. ඒ අතරේ අපේ සහෝදර කොඩිකාර මට කෙටි පණිවුඩයක් එව්වා. " මචන්, ටී.කේ තමයි ෆ්ලයිට් එකේ ඉඳලා තියෙන්නේ. හැබැයි කොල්ලට අවුලක් නෑලු" කියලා. බොරු කියන්නේ මොකටද ඒ පණිවුඩයත් එක්ක මගේ බොක්ක කූල් වුනා සෙල්සියස් රින ගණන්වලටම. මෙච්චර වෙලා මූද දන්නේ නෑ ගියේ කියලා කල්පනා කර කර හිටිය එකේ දැන් ඒක ස්ථිරයිනේ. අපිත් එක්ක අන්තිම පේලියේ හිටපු තවත් බොක්කක් තමයි සුගත්. ඌත් මැසේජ් එකක් එව්වා කොඩිකාර කියපු එකම කියලා. මට ඉතින් ලංකාවේ වගේ එසැනින් පුවත් එන්නේ නෑනේ. ඉතින් එවෙලේ ඉඳං ටී.කේගේ ජංගම දුරකතනයට කතා කරන්න උත්සහකරපු එකයි කරේ. යාන්තම් මෙහෙ වේලාවෙන් රෑ නවයට දහයට වගේ දුරකථනය අනිත් පැත්තෙන් ඒ සුපුරුදු හඬ ඇහුනා. " මචන් ගොඩේ, මට අවුලක් නෑ." ඒ වචන ටික තමයි මාත් බලාපොරොත්තු උනේ. එතනින එහාට කිසිත් කතා කරන්න අවශ්‍ය නැති නිසා " හරි මචං. පරිස්සමින් හිටපන්. බුදු සරණයි." කියලා මම මගේ දුරකථනය පැත්තකට කරා. ඒත් එක්කම තමයි ඔය උඩින් මම සඳහන් කරපු සිද්ධිය මගේ හිතේ මැවුනේ. ඒ විතරක් නෙවෙයි. මගේ හිත පාසැල් කාලයට පියඹලා ගියා..... මොනතරම් සැහැල්ලුවෙන්ද අපි හිටියේ.... අද මොනතරම් වගකීමක් දරන මිනිස්සුද ???
මචං ටී.කේ, උඹ එදා ඔය වගේ අනතුරකට මුහුණ දීලත් තත්පර දශම එක්ක උඹේ ජීවිතය ඔට්ටු අල්ලලා, කිසිම ජිවිතෙකට හානි නොවෙන්න, උඹේ ජීවිතෙත් ගලවාගත්තේ උඹේ තියන දක්ෂකමට.... අපිට උඹ ගැන පට්ටම ආඩම්බරයි කොල්ලෝ..... උඹ අපිට වීරයෙක්..... තීරණයක් ගන්න එක නෙවෙයි වැදගත්. ඒ තීරණය ගන්න කොච්චර වෙලාවක් තියනවද කියන එක. තත්පර 4ක් 5ක් ඇතුලත හරි තීරණයක් ගන්න එක කවුරු කොහොම කිවත් ලේසි නෑ..... ඒ විතරක් නෙවෙයි උඹ වගේම අපිත් ගොඩක් වාසනාවන්තයි..... අපේ උන් නම් අන්න උඹට මඩ ගහන්න පටන් අරන්. පෙට්රෝල් වැඩිකරා කියල අමතක වෙලා වෙනදා ගානට පෙර්ටල් ගැහුවලු. හේ හේ හේ හේ........ අන්තිම පේලියේ හිටපු අපිට උඹට මඩ නම් මොනවද ? අපේ උන් ඒ මොනවා කිවත් උන් ඔක්කොම හදවතින් උඹ එක්ක...... උඹේ අම්මා එදා බෝධිය ඉස්සරහා ඉඳගෙන උඹට සෙත් පැතුවා වගේම අපිත් හැමදාමත් උඹට සෙත් පතනවා.... ආශීර්වාද කරනවා...... උඹේ සේවය අපේ රටට තව දිගු කාලයක් ලබාදෙන්න උඹට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා !!! තුරුණුවන්ගේ පිහිට, ආරක්ෂාව, ආශිර්වාදය ලැබේවා!!! සොයුර නුඹට සදා ජය !!!!!!
ප.ලි - මේක සිද්ධිය වුන ගමන් ලියන්න හදලත් ඒක සතියකට කල් දැම්මේ අපේ කට්ටිය ඕනෙම සිද්ධියක් සතියෙන් අමතක කරන නිසා. ඉතින් ඒ සිද්ධිය අමතක වීගෙන යද්දී ආයෙත් පොඩ්ඩක් මතක් කරහම හොඳයි කියලා හිතුනා.........
මුල ටික කියව්වාම හිතුනේ ආයෙත් කෙටි කතාවක් කියලා.:) :) යාළුවො වීරයෝ උනාම කාටද ආඩම්බර???
ReplyDeleteMamath Anduwa attamai....
ReplyDeleteසිරාවට මචං. පණ වගේ යාලුවො මෙහෙම දකින කොට හිතට මාර ආඩම්බරයි නේද? පයිලට් කෙනෙක් වෙන ආසාව මටත් කාලයත් තිබ්බා. ඒත් ඉතිං එක්සෑම් දෙපාරක්ම ඇණගත්තනේ.. :(
ReplyDeleteඋඹේ යාලුවට තෙරුවන් සරණයි!!!!
ලිපිය එල... ඔන්න මම තමයි 100 වැනි follower..:-D
ReplyDeleteතමන්ගේ යාළුවෝ ගැන අඩම්බර වෙන්න මීට වඩා තවත් හොද අවස්ථාවක් තියෙනවද?
ReplyDeleteඅප්පේ කාටද ආඩම්බර අපේ ඉස්කෝලේ කොල්ලෝ නොවැ.. ඔය අනතුර ගැන අහපුවෙලේ මං ඉස්සල්ලම හෙවුවේ පයිලට්ට කොහොමද කියල. මොකද ණය වෙලා හරි ජෙට් ගන්න බැරියැ, ඒත් පයිලට්ලා.....
ReplyDeleteමේ සමගම ගුවන් අනතුරකින් මියගිය මොනත් පෙරේරා, රෙහාන් ප්‍රනාන්දු වීරයන්වත් මතක් කරනවා.. ඔවුන්ට නිවන්සුව අත්වේවා..
ගොඩයො තීරණේ ගන්න තත්පර 4-5 ක් ගත්ත නං TK සුං පුතෝ...ගත්ත කාලය මිලි තප්පර වලින් ගත කරල තියෙන්නෙ. නිකමට උඹේ ඔරලෝසුව දිහා බලාගෙන ඉඳහන් තප්පර 4 ක් යන්න යන වෙලාව.
ReplyDeleteඅද තමයි මෙි පැත්තට මම ආවෙි. මෙි සිද්ධියට මුහුන දුන්නු තරිදු සහෝදරයා ගුවන් හමුදාවෙි ඉන්න මගේ යාළුවෙක්ගේ බැජ් මෙිටි කෙනෙක්. දෙන්නා එකටම තමයි ටේරිනීං වෙලා තියෙන්නේ. ඔය සිද්ධිය උනු වෙලාවෙි මුලින්ම ප්‍රවෘත්තිය පල කලේ මම. ඒ වගේම බිලොග් අවකාශයට ඒ සමිබන්ධයෙන් කෙටි සටහනක් තියන්නත් ඒ වෙලේම මම අමතක කලේ නැහැ .
ReplyDeleteගොඩයා මල්ලි, කුරුණෑගල කියන්නේ මගෙත් ගම. අදුන ගන්න ලැබීම සතුටක්. යාළුවා හොද වැඩ කාරයෙක් කියලා දැන ගත්තේ එයාගේ මිග් එකේ එංජිම ෆේල් වෙචිච වෙලාවෙි එයා ගත්ත ඉදිරි ක්‍රියා මාර්ගය නිසා. ගොඩාක් අය ඔය පෙටිට්‍රල් කතාව නමි කියනවා මම දැක්කා. අපේ මිනිස්සුන්ට හිනා වෙන්න ඔිනම දෙයක් තිබිබානමි ඇතිනේ.. තව මොනවද?
ජය වෙිවා!!!
මචන් යාලුවට කියපන් ෆොටෝ එක දැම්ම කියල..මොකද දන්නා විදියට ෆොටෝ එක ප්‍රසිද්ද කරන්න බැහැ..ඒක දැනටත් ඔට්ටු කේස් එකක්
ReplyDeleteගුණවත් අම්ම කෙනෙක්ගේ ප්‍රර්ථනා ආදරේ කොයිතරම් ශක්තිමත්ද කියල එකෙන් තේරෙනවා. දක්ෂතාවයට එකතු වුන ඒ ශක්තිය තමයි කොල්ලව ගොඩට ගෙනාවේ.. මම හැමදාම ඒක විශ්වාස කරනවා. අද අපේ අම්ම නැතත් අම්ම ජීවත්වෙලා ඉන්න කාලේ මට දීපු වරම් තාමත් එහෙමමයි.. යාළුවාට විතරක් නෙවෙයි අම්මටත් මගේ උපහාරය මේ !!
ReplyDeletenice1 machan
ReplyDeleteblog eka dekkata passe cmnt eka noda yanna hitha dunne nee :P
Malya Cruise - පොඩ්ඩක් වෙනස් විදිහකට ලීවා. අනේද කියන්නේ ආඩම්බරේ ගැන නම්. ඒත් බොක්කේ බිත්තර තම්බන්න වෙන ගානට රත්වෙන එක තමයි උහුලන්න අමාරු.
ReplyDeleteඇනෝ - හ්ම්ම්ම්..... අඬන්න දෙයක් නෑ දැන්. ආඩම්බර වෙනවා මිසක්.
Chandika - අනිවාර්යයෙන්. හැබැයි මචන් ආඩම්බර වගේම තමයි උන් ගැන තියන බය. මගේත් කාලයක් හීනයක් වෙලා තිබ්බ රස්සාවක්. හීනයක් වෙලාම ගියා.
ReplyDeleteරවීන් - බොහොම ස්තුතියි සහෝ. ශතකය කියන්නේ අමතක නොවෙන නොම්බරයක් නොවැ........
ඔය ආඩම්බර කම් පට්ටෙට දැනෙන්න හොඳ යාලු කමක් තියෙන්න ඔනේ....
ReplyDeleteමේ කාලේ ඉන්න යාලුවෝ වගේ උන් අය කවදාවත් සෙට් වෙන්නේ නැතිවෙයි, මේ තරම් විකාර කුපාඩි වැඩ කරන්න අය කවුරුත් සෙට් වෙන්නේ නැතිවෙයි. මොකද මමත් ඉන්නේ උසස් පෙළ පන්තියේ නිසා එහෙම හිතෙනවා.
දිනේෂ් - අනිවාර්යයෙන්ම. අපේ එකෙක් හොඳ දෙයක් කරන ඕනෙම අවස්තාවක් ගැන අපිට ආඩම්බරයි.
ReplyDeleteඅවංක පැට්ටා - එල මචන්. ඌ වෙනුවෙන් අපිත් ප්‍රාර්ථනා කරන්නේ එච්චරයි.
ජීනියස් - අනිවා මල්ලි. මම දන්නා විදිහට අපේ ස්කොලේ කීපදෙනෙක් ඉන්නවා. ඩේවනස්ලා ගැන ආඩම්බර වෙන්න පුළුවන්. මියගිය සියලුම විරුවන්ට නිවන් සුව!!!!
Observer - ඔය ටයිමින් මම හිතලා කියපු එකක් නෙවෙයි ඔබා මාමා. ෆෙලියර් එකක් දැනගත්ත වෙලේ ඉඳං වැඩේ වෙන්න ඔය වෙලාව යනවා කිවේ අදාල පුද්ගලයෝම තමයි. හැබැයි ඕකට ෆ්ලයිට් එක කොච්චර උඩින්ද තිබ්බේ කියන එක බලපානවා.
ReplyDeleteNadun Shiwantha - මටත් බොහොම සතුටුයි අඳුනගන්න ලැබීම. ඒ වගේම බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩඋනාට. මම ටි.කේගේ ක්ලාස් මෙට්. සහෝදරයා බැජ් මෙට්. ඒ කියන්නේ අයියත් මේ වගේම වගකීමක් ගන්න කෙනෙක්. ඔබ තුමාටත් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා !!! තුරුණුවන්ගේ පිහිට, ආරක්ෂාව, ආශිර්වාදය ලැබේවා!!! ජයවේවා!!! පෙට්‍රල් කතාව විහිලුවට කීවට ගණන් ගන්න දෙයක් නෑ,
ReplyDeleteඇනෝ - මම යාලුවාගේ වුනත් පින්තුරයක් හොරකම් කරන්නේ නෑ. දාන්න කලින් මම යාලුවගෙන් ඇහුව. අනික මේ පොස්ට් එක ඉස්සෙල්ලාම කියේව්වෙත් මගේ යාලුවා. :)
ReplyDeleteසරත් ලංකාප්‍රිය - ඔව් සරත් අයියේ. අම්මලාගේ සෙනහස, ආදරය ලබාදෙන ශක්තිය මෙතකැයි කියන්න බෑ. මටත් එහෙමයි. යාලුවාගේ අම්මටත් යාළුවාට ලැබන උපහාරය ලැබෙනවා. හේතුව එහෙම දරුවෙක් හදපු එකට. ඒ උපහාරය අති විශාලයි. එතුමියටත් දිර්ඝායුෂ, නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.
emimaxy - බොහොම ස්තුතියි. කොච්චර දෙයක්ද කොමෙන්ට් එකක් දාලා ගිය එක. මේ ලියන මට ඒක ලොකු හයියක්.....
ReplyDeleteබීටා - මලේ, මම උසස්පෙළ කරන කාලේ මට හම්බවුන යාලුවෝ තරම් ලොවෙත් නැති සෙට් එකක් ආයේ මට ලැබුනේ නෑ. උන් හම්බවුනේ අතෙ සතේ නැති කාලේ. තනතුරු, රස්සා, යාන වාහන ඕවා නැති කාලේ. උන් මිත්‍රයෝ උනේ තත්වය බලලා නෙවෙයි. නියම මට. මුකුත්ම නැති හිස් මට. එකෙක් දෙන්නෙක් එහෙ මෙහෙ උනත් අපි සෙට් එක හදවතින් තාම එකට. එකතු වෙන්න නම් වෙලාව හරි අඩුයි. හැමෝටම රාජකාරි නිසා. උඹ ඔහොම කීවහම මට කියන්න තියෙන්නේ දුකයි බං උඹ ගැන කියලා...... මොකද අපි ඒ කාලේ ගත්ත ආතල් ඔක්කොම උඹට මිස් වෙනවා. ඒ විතරක් නෙවෙයි හොඳම යාලුවෝ කියන උන් සෙට් එකක් නැතිවෙනවා.....
මේ වගේ යාළුවෙක් ලබන්න ගොඩයා පිං කරලා තියෙනවා. ඒ වගේම යාළුවගේ ඇස් දෙකටත් කදුළු එයි ඔයාගේ මේ අන්තිම ජේදේ තියෙන වචන ටික දැක්කහම. ටී.කේ. ට යොදබල යොද ශක්තිය ලැබෙන්න කියලා බට්ටි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteAdo machan. Nice one bro. Blog eka patta. 2 weeks walata withara kalin dhekala bookmark karagena hitiye. Habai umbe wedak kiyala dhakke adha. :P Keep it up bro.. Cheers!
ReplyDeletenice writings ayye....godaaak ewa kiyewwa tharindu ayya meka pennapu welawe indala...really nice work.. :)
ReplyDeleteme too got bookmark this n will keep in touch...:)
නියම වීරයෙක් නේ !!
ReplyDeleteගොඩයා අයියටත් වීර යාළුවෝ ඉන්නවා නෙව
මගෙ යාලුව උඹේ යාලුව තරං වාසනාවන්ත නෑ
ReplyDeletehttp://atcsl.tripod.com/1989-2006.htm#14062003
Date: 15.08.2002
Type: Yunshuji Y-8
Operator: Sri Lanka Air Force
Year built:
Crew: 5 fatalities / 5 on board
Passengers:
Total: 5 fatalities / 5 on board
Location: Rice fields near Kalutara, 50 kilometers (30 miles) south of Colombo
Phase:
Nature: Military
Flight: Test flight after minor repairs
Remarks:
The air craft had been on a test flight after minor repairs when the accident occurred around 12.35 p.m. The pilot had informed the ground staff that there was a fire and had tried to land it at an unpopulated area. Eye witnesses say that they saw fire breaking out on one side on the plane and immediately it crashed to the ground in a ball of fire .Investigations indicate that the crash was due to some technical problems
උබෙ කතව හරියට හරි මචන්. නිව්ස් එක අහපු ගමන් අපෙ එවුන්ගෙ බොක්ක කුල් උනා බන්.එක පාරටම සරුවන්ගෙම සීතල උනා බන්.කොහොම හරි TK ට අවුලක් නෑ කියල දෑනගත්තහම දෑනුන සෙහෙල්ලුව කියල වෙඩක නෑ බන්.
ReplyDelete- රනබා
ලස්සනට ලියලා තියෙනවා මචං..මමත් නිච්ස් එක ආපු ගමන් හොයලා බැළුවේ පයිලට් ට මොකද උනේ කියලා...පස්සේ ආරංචි උනා කරදරයක් නෑ කියලා..සුභ පතනවා යාළුවට...සැබෑම වීරයෙක් අපිටත් ආඩම්බරයක්.....
ReplyDeleteබට්ටි - ඔව් බට්ටියේ. බට්ටිගේ කතාව හරි. එහෙම යාළුවො ලැබෙන්න ගොඩක් පින් කරන්න ඕනේ. එහෙම කිවේ අපි කොයිතරම් ඈත උනත් සතුටකදී සැපකදී නැතත් අපේ එකෙක්ට කරදයක් උනහම අපිට උනා වගේ දුවලා පැනලා හොයලා උදව් කරන්න දඟලන යාළුවො ටිකක් ලැබුන නිසා. ටි.කේ වෙනුවෙන් බොහොම පින් ප්‍රාර්ථනාවට......
ReplyDeleteLalantha - හේ හේ හේ හේ.... මේක මේ මගේ කම්මැලිකම, පාළුව යන්න පටන්ගත්තේ. මේ මාසෙට අවුරුද්දකුත් වෙලා.... බොහොම ස්තුතියි මචං......
ReplyDeletenimesha - බොහොම ස්තුතියි නංගි.
මධුරංග - අනිවා.... ජීවිතයත් මරණයත් අතර දුර බොහෝම කිට්ටුවෙච්ච වෙලාවක සිහියෙන් වැඩකරන්න හැමෝටම බෑනේ..... අපිට අපේ වීරයා ගැන ආඩම්බරයි.......... :D
ඕනයා - අයියගේ මිත්‍රයා ගැන බොහෝම කණගාටුයි අයියේ. මේ වගේ අවාසනාවන්ත සිද්ධි නැවත නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යකඩ ගොඩවල් වලට හිත් පිත් නෑ අයියේ.... අයියාගේ යාලුවට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා !!!!
ReplyDeleteරණබා - අනේ ඔව් මචං. උඹලට නම් ලංකාවේ ඉන්න නිසා ටක් ගාලා නිවුස් එනවා. ඒත් මට එහෙමත් නෑනේ. පිස්සු හැදිලා හිටියේ මූ ෆෝන් එක ආන්ස්වර් කරනකම්. උඹලා අපි අවුරුදු ගානකින් නොදැක්කත්, එදා තිබ්බ සහෝදරකම තාමත් එහෙම්මමයි කියලා දැනෙන්නේ මෙහෙම වෙලාවක. ඒක පුදුම බැඳීමක් මචං.
ඔබ නොදුටු ලොවක් - බොහෝම ස්තුතියි මචං. ඔව් අප්පා. ඔය යකඩ ගොඩවල් නම් ගන්න පුළුවන්. ඒත් ජිවිත??? සල්ලි වලට ගන්න කියලද ? යාලුවා වෙනුවෙන් බොහෝම ස්තුතියි!!!!
ReplyDeleteඔබේ මිතුරා වාසනාවන්තයි ඒ අතින්..
ReplyDeleteයාලුවා වීරයෙක් වගේම සැහෙන වාසනාවන්තයෙක්.. මේ අපේ රණවිරුවෝ.. අද වෙද්දී ලංකාවේ මිනිස්සු ගොඩකට අමතක වෙලා ඒ ටික. එකනේ නේවි එකේ කොල්ලෙක්ට කනට ගහල තියෙන්නේ මීගමුවේදී. එහෙව් කාලයක් ඔබ වැනි යාළුවන් කලක් සිටීමත් වාසනාවක්.....
ReplyDeleteWeni - මිත්‍රයා විතරක් නෙවෙයි අයියේ.... අපිත් වාසනාවන්තයි.
ReplyDeleteක්සැන්ඩර් - අනිවාර්යයෙන්ම, වාසනාව කියන දේත් අඩු පාඩුවක් නැතුව තියනවා..... රණවිරුවෝ ගැන තිබ්බ ආකල්ප දැන් මිනිස්සු ළඟ නෑ.... මොකද දැන් සාමකාමියිනේ.... දුක් විඳපු කාලේ ගැන මතක නෑ...........
මගෙත් යාළුවො කීප දෙනෙක් ම හමුදාවල වැඩ... විස්තරයක් වත් හොයල බලන්න මතක් කරපු පොස්ට් එකක්... උඹේ යාළුවා වගේම අපේ ජීවිත රකින්න එයාලගේ ජීවිත ඔට්ටු තියන රටේ හැම හමුදා සෙබළ සහෝදරයන්න්ට සහෝදරියන්ට දුකක් කරදරයක් නැතුව රාජකාරී කරන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteKIYAWANNA PATANGENA AWASANAYATA YADDHI HINAWATH BARI DEYAK BAN WELA THIYENNE... KOHOMA UNATH T.K TA APETH ACHARAYA...
ReplyDeleteසූර වීර යාලුවෝ ඉන්න එක නම් කොච්චර ආඩම්බරයට කාරණයක්ද ? ආඩම්බරකාර මිත්‍රයෙක් වෙන්න පුලුවන් එතකොට :)
ReplyDeleteTK gana tawa katha nam tiyenawa neda machan... :) eth eda nam bokka hondatama cool wechcha dawasak... Nice start as usual to your blog...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteada thama man ube blog ekata oluva damme.Uba avith tiyenne ape pansalatane,uba ganae TK ganae katha one tharan tiyenava.pinnapola sir ge clz wala uba karapuva velavaka man liyannan.mata dan nida ganna one.
ReplyDeletemama Weta (London nuwara sita)
Great and I have a dandy present: How Many Houses Has Hometown Renovated best home renovation
ReplyDelete